බැංකුවල තැන්පතු පොලියත්, ණය පොලියත් පහලට..

 

රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ණය පොලී සහ තැන්පතු පොලී අනුපාතයන් පහළ යන යෑමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහල දැමීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවී තිබේ.

ඒ අනුව තැන්පතු පොලිය, ණය පොලි, ල්බදු පොලී අනුපාත පහළ යාමට නියමිතව ඇත.

ඊයේ දින පැවති මහ බැංකු මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250 බැගින් පහත දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13% ක් හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14% ක් දක්වා ත් පහළ ‌දමා තිබේ.

Post a Comment

0 Comments