ලංකාව ලෝකයේ අංක එකේ රට කිරීමේ වගකීම මං පුද්ගලිකවම බාර ගන්නවා…

 



ශ්‍රී ලංකාව ලෝකයේ අංක එකේ රට බවට පත් කිරීමේ වගකීම තමන් පෞද්ගලිකවම භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉංග්‍රීසි භාෂාවට මූලික අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ඇති කළ යුතු බව ඔහු කියා සිටියේය.

ලෝකයේ අංක එකේ රට බවට පත්වීම සඳහා අපේ පුරවැසියා සුහුරු බව විය යුතු බවත් පෙර පාසලේ සුහුරු තැරුණ්‍යයක් ඇති විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම තුළින් අපේ උගත් භාවය බුද්ධිමත් භාවය ඉහළ යන බවත් තම පියා තමන්ට දුන් උපදේශය බවද හෙතෙම පැවසීය.

හැකිතරම් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා ලෙසත් අලුත් ඉංග්‍රීසි වචන දහයක් දිනකට පාඩම් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

පොලොන්නරුව ප්‍රදේශයේ පාසලකට බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments