කවුරුන් කුමක් කීව ද මේ මොහොතේ ණය ප්රතිව්‍යුහගතකරණය කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
නැතොත් ශ්‍රී ලංකාව නැවත ණය ගෙවීම ආරම්භ කළ පසු වැටෙන බවද ඔහු පැවසීය.
දේශීය ණය ගෙවීමට රුපියල් හෝ විදේශ ණය ගෙවීමට ඩොලර් මේ මොහොතේ ශ්‍රී ලංකාවට නැතැයිද හෙතෙම කියා සිටියේය.
මෙම තත්ත්වය නිසා ප්‍රතිව්‍යුහගතකරණය නොකර මීට පිළිතුරක් නැති බවත් කවුරුන් හෝ රුපියල් හා ඩොලර් ගෙනවිත් දෙනවා නම් පමණක් උත්තරයක් ඇති බවත් හෙතෙම පැවසීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
0 Comments