ලොකුම ගාමන්ට් ලොක්කියක් ‘අස්වැසුම’ ඉල්ලයි..

 

අස්වැසුම සහනාධාර නාමලේඛනයේ තම නම ඇතුළත් වී නැතැයි මෙරට ප්‍රධාන පෙළේ ඇඟළුම් කම්හලක ඉහළම පෙළේ නිලධාරිනියක් අභියාචනා ඉදිරිපත් කර තිබේ.

අදාළ අභියාචනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී මේ බව හෙළි වී ඇත.

ඇගේ සැමියාද ලී බඩු වැඩ පොලක් පවත්වාගෙන යන ව්‍යාපාරික බවත් එම කාන්තාව මෙරට ප්‍රධානම පෙලේ ඇඳුම් ආයතනයක ඉහළම පෙළේ නිලධාරිනියක් බවටත් හෙළිවී ඇත.

මෙම පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ අභියාචනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහි කරුණු පැහැදිලි කර ගැනීම සඳහා නිලධාරියෙක් දුරකථනයෙන් එම නිවස අමතා ඇත.

එහිදී එම අවස්ථාවේ පවුලේ දියණිය හෙළි කළ තොරතුරු අනුව මෙම පවුල සහනාධාර ලැබීමට සුදුසු නැති පවුලක් බව හෙළිවී තිබේ.

කෙසේ වෙතත් එම පවුලේ අයදුම්පත්‍රය තුල අදාළ තොරතුරු කිසිවක් ඇතුළත් කර නොමැති බවත් සැමියා රැකියා විරහිත බවත් තොරතුරු ඇතුළත් කර තිබිණි.

එසේ තිබියදීත් මෙම පවුල දීර්ඝ කාලයක් තිස්සේ සමෘද්දි සහනාධාරය පවා ලබාගෙන ඇතැයිද හෙලි වී තිබේ.

Post a Comment

0 Comments