රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කරමින් මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදී ගත් ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මේ වන විට අක්‍රීයව පවතින බවට වාර්තා වෙයි.
මෙම යන්ත්‍රයට අවශ්‍ය සම්බන්ධක කැතීටර මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් නොලැබීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කළේ.
මෙම ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය භාවිත වන්නේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ලබා දෙන විකිරණශීලි එස්.ඩී.ජී ඖෂධය එන්නත් කිරීම සඳහායි.
මෙමගින් අදාළ ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද විකිරණවලින් ආරක්ෂාව සැපයේ.
මෙම යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත්කර පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් තවත් සති දෙකක පමණ කාලයක් ගතවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
0 Comments