ඇමති තොණ්මණ්ඩ විරුද්දව පොලිස්පතිට පැමිණිල්ලක්..

 



ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ වලපනේ ආසන සංවිධායක නිතිඥය හිරණ්‍යා හේරත් මහත්මිය නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.යු.පි.ජයසිංහ මහතා වෙත ලිඛිතව පැමිණිල්ලක් කර ඉල්ලා ඇත.

නුවරඑලිය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණි හිරණ්‍යා හේරත් මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු වි පැමිණිල්ල ලිඛිතව භාරදි ඇත.

හිරණ්‍යා හේරත් මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට පැමිණි තරුණයෙකු වෙනත් ගණුදෙණුකරුවෙකුගේ ගිණුමක් සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටියදි එම තොරතුරු ලබාදිම බැංකු නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කිරිම හමුවේ එම තරුණයා සහ බැංකු කලමණාකාරිත්වය සමග ඇති වුවේ යැයි කියන බහින් බස් විමක් සම්බන්ධයෙන් එම බැංකුවේ කලමණාකාරවරයා විසින් බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි හිරණ්‍යා හේරත් මහත්මිය පැමිණිල්ලේ සටහන් කර ඇත.

තවද එම පැමිණිල්ල අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් බගවන්තලාව නගර මධ්‍යයට කැදවා එම නිලධාරින්ට තර්ජනය කර අපහසුතාවයට පත් වන අයුරින් ක්‍රියාකල අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාට එරෙහිව විමර්ෂණයක් සිදු කර අවශ්‍ය නිතිමය පියවර ගන්නා ලෙස නිතිඥය හිරණ්‍යා හේරත් මහත්මිය පැමිණිල්ලේ සටහන් කර ඇත.

ඉකුත් (22) දින හගුරන්කෙත ප්‍රදේශයේ තරුණයෙකුට පහර දි ඝාතනය කිරිම සම්බන්ධයෙන් පොලිසිය විසින් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන්ද විමර්ෂණයක් සිදු කර නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද හිරණ්‍යා හේරත් මහත්මිය නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සටහන් කර ඇත.

Post a Comment

0 Comments