CD කොට්ට පැදුරු අකුලන් ගෙදර යයි.. පොලිස්පති කෙනෙක් නෑ.. පොලිසිය අරාජිකයි..

 

ඉකුත් 26 වැනි දා සිට සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති නිල කාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් දින හතරක් තිස්සේ මෙරට පොලිස්පති වරයෙක් හෝ වැඩ බලන පොලිස්පතිවරයා නොමැති තත්ත්වයකට පත්ව තිබේ.

මේ වන විටත් සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති නිල කාමරයේ තිබූ තම පෞද්ගලික බඩුබාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇත.

ඔහු පසුගිය 26 වෙනිදා විශ්‍රාම ගිය දිනයේ සිටම තම කාර්යාලයට පැමිණ නැති අතර කිසිදු ලේඛනයක හෝ අනුමැතිය ලබා දී නොමැත.

පොලිසියේ නිල කටයුතු සඳහා උපදෙස් ලබාදීමට වැඩ බලන පොලිස්පතිවරයෙකු හෝ නොමැති වීම මත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මෙම තත්ත්වය මත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අරාජික තත්ත්වයකට පත්වෙමින් ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

Post a Comment

0 Comments