විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේපැවැත්විණි.
2023 ජූනි අවසන් වනවිට විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන සැලසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට එකඟ වී ඇත.
ඒ අනුව ලෝක බැංකු නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක්ව විදුලිබල මණ්ඩලය ලබා ගෙන ඇති සියලුම ව්‍යාපෘති ණය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය, පුනර්ජනනීය සැපයුම්කරුවන්ට සහ අනෙක් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය, රාජ්‍ය බැංකු වලින් ලබාගෙන ඇති ණය සහ අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙන්ම 2023 වසරේ ඇති වී ඇති අලාභ පිරිමසා ගැනීම සඳහා වන සැලසුම සකස් කරනු ලැබේ.
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිරීක්ෂණ සහ යෝජනා අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික සැලසුම, කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.
0 Comments