දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් පනවා නොමැති බවත් එසේ පනවා ඇත්නම් එය පෙන්වන්නැයි තමන් ආණ්ඩුවට අභියෝග කරණ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ සියත රූපවාහිනියේ Turning Point වැඩ සටහන සහ එක් වෙමිනි.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග එම ණය වලින් කොටසක් කපා හැරීම සඳහා රජය ඔවුන් සමඟ සාකච්ඡා කිරිමේදී එසේ ණය කපා හරින්නේ නම් දේශිය ණය වලින් කොටසක්ද කපා හැරිය යුතු බවට එම බැඳුම්කර හිමියන් රජයට දැනුම් දී ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී හෙළිදරව් කළේය.
මෙම සාකච්ඡාවට සහභාගී වූ ආණ්ඩුවේ නියෝජිතයන් දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නොකළ යුත්තේ ඇයි ද යන්න ස්වෛරී බැඳුම්කර හිමියන්ට ඒත්තු ගැන්වීමට අපොහොසත් වූ බැවින් දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමට අවසානයේ ආණ්ඩුවට සිදුව ඇති බව ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කර සිටියේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට හේතුවෙන් මූල්‍ය ස්ථාවරත්වය බිඳ වැටීම මෙන්ම ආර්ථික පුනර්ජීවනය සඳහා කර්මාන්තකරුවන්ට ණය දීමට බැංකු වලට ඇති හැකියාව අහිමි වන බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී ප්‍රකාශ කලේය.
ආර්ථික අර්බුද තත්ත්වයන් තුලදී බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ රුසියාව අනුගමනය කළ සාර්ථක දේශීය ආර්ථික පුනරුද ක්‍රමවේදයන් අනුගමනය කරනු වෙනුවට ආජන්ටිනාව අනුගමනය කල ණය ප්‍රතිව්‍යුහකරණය කරමින් යළි යළිත් ණය ලබා ගැනීමේ අසාර්ථක ක්‍රමවේදය ශ්‍රී ලංකාව ද අනුගමනය කරන බව ද ගම්මන්පිල මහතා මෙහිදී පැහැදිලි කලේය.

0 Comments