මතීෂ පතිරණ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සිටම ශ්‍රී ලංකාව නියෝජනය කර ඇතැයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කරයි.
මතිෂ පතිරණ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දක්වන තැනට ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ලබාගත් අත්දැකීම් මත බවද හෙතෙම පවසයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු unorthodox ක්‍රීඩකයන්ට විශේෂ තැනක් හිමි තරගාවලියක් බවද මතීෂ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරද්දි කැපී නොපෙනුනද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ඕනෑම ක්‍රීඩකයෙකුට කැපී පෙනීමට ඇති අවස්ථාව වැඩි බවද ඔහු සඳහන් කළේය.
මතීෂ පතිරණ දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටි බවත් අවසානයේ නවසීලන්ත සංචාරයේ දී ඔහුට කොරෝනා වැළඳීම නිසා තරඟවලට සහභාගි වීමට හැකියාවක් නොවු බවත් පැවසූ දසුන් ශානක ඇෆ්ගනිස්තානය සමග ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා මතීෂ අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනු ඇති තව දුරටත් කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ‍්‍රී ලංකා නායකයා මෙම අදහස් පල කරන ලදී.
0 Comments