හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව පහත දැමීමට මහජන උපයෝගිතා කොමිසන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව විදුලි ගාස්තුව 14.2%කින් පොදුවේ පහළ යයි.
විදුලි ගාස්තු අඩු කර ඇත්තේ මේ ආකාරයෙනි.
ඒකක 0-30 අතර කාණ්ඩට ගාස්තු අඩුවීම 65%ක්, ඒකකයක් රුපියල් 30 සිට රුපියල් 10 දක්වා, ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 150 දක්වා
ඒකක 31-60 අතර කාණ්ඩයට ගාස්තු අඩුවීම 51.5%ක්, ඒකකයක් රුපියල් 42 සිට 32 දක්වා, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 650 සිට රුපියල් 300 දක්වා
ඒකක 61-90ත් අතර කාණ්ඩයට ගාස්තු අඩුවීම 24.5%ක්
ඒකක 91-120ත් කාණ්ඩයට ඒකකයක් රුපියල් 42 සිට රුපියල් 35 දක්වා, මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා
ආගමික ස්ථානවල ගාස්තු අඩුවීම 16%ක්, අඩු පරිභෝජනයක් ඇති ආගමික ස්ථානවලට ඒකකයක් රුපියල් 10 බැගින්
හෝටල් සඳහා ගාස්තු අඩුවීම 26.3%ක් කර්මාන්ත සඳහා 9%ක් වාණිජ ගොඩනැගිලිව සඳහා 5%ක් රජයේ ගොඩනැගි සඳහා 1% ක්
0 Comments