නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාර එකතුවේ ඇති කෞතුක භාණ්ඩ 06ක් ශ්‍රී ලංකාවට අයත් ඒවා බව පර්යේෂණයකින් තහවුරුවී තිබේ.
2022 වසරේ අප්‍රේල් මස සමාප්තියට පත්වූ දෙස් විදෙස් පර්යේෂකයින්ගේ සහභාගීත්වයෙන් මෙම පර්යේෂණය සිදුකර ඇත.
මේ වනවිට එම කෞතුක භාණ්ඩ Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබේ.
එම කෞතුක භාණ්ඩ 06 මහනුවර රාජධානී සමයට අයත් වන අතර ඒවා නැවත ශ්‍රී ලංකාවට පැවරීමට කටයුතු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම කෞතුක භාණ්ඩ වන්නේ,
- රනින් නිමකළ කොපුව සහිත කස්තානයක්
- රිදියෙන් නිමකළ කොපුව සහිත කස්තානයක්
- රනින් නිමකළ පිහියක්
- මහ තුවක්කු 02ක්
- ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක්
මෙම කෞතුක භාණ්ඩ 1765 වසරේ ලන්දේසීන් විසින් මහනුවර රාජ මාලිගාව වටලන දල අවස්ථාවේ දී "ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම" (VOC) විසින් රැගෙන ගොස් ඇති බවද තහවුරු වී ඇත.
0 Comments