ආයෝජන මණ්ඩලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම ලබන මාසයේ ආරම්භ කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
ඒ සඳහා ආයෝජනය කිරීමට විදෙස් ආයෝජකයන් 11 දෙනෙකු කැමැත්ත පළ කර ඇති බව ද ඇය පැවසුවාය.
මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව වසර දෙක තුනක දී පමණක් රුපියල් බිලියන පහකට අධික ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇති බව ඇය පැවසීය.
මෙම සමස්ත නියමු ව්‍යාපෘති සඳහා අනුමැතිය ලැබී ඇති බවත් කියා සිටියි.
0 Comments