ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය පොලිස් බලතල රහිතව බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව ජනප්‍රිය නොවුණත්, රටේ අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීරණයක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
එසේම අරගලයේ නිරත වූ තරුණ පිරිස් අපේක්ෂා කළ නව දේශපාලන ගමනක ආරම්භය ලබාදීමට විශාල අවදානමක් හමුවේ වුවත් මෙම තීරණය ගෙන තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
0 Comments