කොලොන්න ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම 01 දා පෙරවරුවේදී ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගෙ බණ්ඩාර මහතා සහභාගී විය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් 850ක් පමණ සහභාගී වී සිටින ලදී. මෙම අවස්ථාව සදහා එක්සත් පක්ෂයේ ලක්වනිතා ඒකකයේ සභාපතිනි ශාන්ති කෝංගහගේ මහත්මියද පැමිණ සභාව ආමන්ත්‍රණය කරන ලදී.
මෙම අවස්ථාවට එ ජා පක්ෂයෙන්ව ඉවත්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළොන්න ආසනනයේ හිටපු සංවිධායක පී. අබේනායක මහතාද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
මෙහිදී එජාපයේ මහ ලේකම් රගෙ බණ්ඩාර මහතා කියා සිටියේ,
අස්වැසුම සමෘද්ධි නිළධාරීන්, ග්‍රාම නිළධාරීන් සංවර්ධන නිළධාරීන් මගහැරපු අවස්ථාවක තමයි මේක කලේ. රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අයෙකුට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් මේක දේශපාලනය වෙලා. උද්ඝෝෂණය කරන්න යනවා. මොකවත් දන්නේ නැතිව. මේ යටතේ රුපියල් 2500 සිට 15000 දක්වා ලැබෙනවා. ඒහෙම වෙද්දීත් සමෘද්ධිය ඕනය කියන අය ඉන්නවා. සමහරු පිනට කන්න හදනවා.
සජිත් කරන්නේ කඩාකප්පල් කාරී වැඩ. එයාගේ කකුලෙන් අදිනවාලු. බල්ලෙක්වත් එයාගේ කකුලෙන් අදින්නේ නැහැ. එයා විසින්මයි නැතිකර ගන්නේ.
0 Comments