කොත්තැල්ලෙන මුරුත්තැන්වත්ත ප්‍රදේශයේ අවුරුදු 13ක් වයැසැති පිරිමි දරුවකු එළු කොටුවක ලනුවකට ගෙල සිරවිමෙන් මිය ගොස් ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්ටන් බ්‍රිජ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 02 වන දින රාත්‍රියේ මෙම දරුවා ඔවුගේ නිවසේ පවත්වාගෙන යනු ලබන එළු කොටුවක එළුවන්ට කැමට කොළ අතු එල්ලා ඇති ලනුවකට ගෙල සිරවිමෙන් එම දරුවා මිය ගොස් ඇති බව එම දරුවාගේ මව පැවසු බවත්ය.
වයස අවුරුදු 13ක් වන එස්. ප්‍රතාප්සින් යන දරුවා මෙසේ මිය ගොස් ඇති බවත් එම දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා මස්කෙළිය රෝහලට ගෙන ගොස් ඇති බවත් මේ පිලිබදව නොර්ටන් බ්‍රිජ් පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
0 Comments