බැංකු අවදානම තුරන් වෙයි..- ෆිච් රේටින්ග්ස් ලංකාව අගයයි..

 

ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී සිදුකල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙළ සාධනීය බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් සඳහන් කරයි.

මෙම පියවර ලංකාවේ බැංකු ක්ෂේත්රයේ අවදානම තුරන් කිරීම සඳහා කැපී පෙනෙන ඉදිරි පියවරක් බවත් ඔවුන් නිවේදනය කර ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ශ්‍රී ලංකා මුදලින් පවතින බැංකු සතු භාණ්ඩාගාර බිල්පත් අදාල නොවූ බවත් ඊට අදාල වූ විදේශ මුදල් බැඳුම්කර සමස්ත බැඳුම්කර බැංකුවල සමස්ත වත්කම්වලින් සියයට 5.5 ඉක්මවන්නේ නැති බව ද එහි සඳහන්ය.

කෙසේ වෙතත් අවිනිශ්චිත තාවයන් මගහැරුණද වෙනත් ගැටලු නිර්මාණය විය හැකි බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

Post a Comment

0 Comments