අලුත් පොලිස්පති අගරදගුරු තෝරයි..

 

නව පොලිස්පතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් කතානායකවරයා හා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට ලිපියක් යොමුකර තිබේ.

අතිශය රහස් ලෙස යොමු කර ඇති මෙම ලිපියෙන් කාදිනල්තුමන් ඉල්ලා ඇත්තේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් යෝජනා වූවොත් ඒ ගැන සලකා බැලීමක් හෝ නොකරන ලෙසයි.

එම දෙදෙනාම පාස්කු ප්‍රහාරය ඇතුළු කාරණා ගණනාවකදීම තම වගකීම පැහැර හැර ඇති බව ද කාදිනල් හිමියන් පෙන්වා දී තිබේ.

එනිසා ඔවුන්ගේ නම් පොලිස්පති ධුරය සඳහා සලකා බැලීමක් හෝ නොකළ යුතු බව සමස්ත කතෝලික ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බවද අදාල රහස්‍ය ලිපිය මගින් සඳහන් කර තිබේ.

Post a Comment

0 Comments