ලැගුම්හලේ නාන කාමරේ තරුණියක් එල්ලෙයි...

 

රක්වාන ප්‍රදේශයේ ලැඟුම්හලක නාන කාමරයක එල්ලෙමින් තිබියදී තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් ඊයේ (04) දිනයේ සොයා ගෙන තිබේ.


අදාළ තරුණිය පැමිණ ඇත්තේ තරුණයෙකු සමඟ වන අතර එම තරුණයා රාත්‍රී ආහාර ගෙන ඒම සඳහා ලැඟුම්හලෙන් පිටතට ගොස් ඇති බවයි වාර්තා වේ.


කෙසේ වෙතත් එම තරුණයා ආහාර රැගෙන නැවත ලැඟුම්හලට පැමිණෙන විට එම තරුණිය ඇඳ සිටි ඇඳුමේ කොටසකින් නානකාමරේ එල්ලී සිටි බව තරුණයා පවසා ඇත.


තරුණයා මේ පිළිබඳව ලැඟුම්හලේ සේවකයින්ට දැනුම්දීමෙන් අනතුරුව ඇයව රෝහල් ගත කිරීමට අදාළ තරුණයා පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කළේය.


මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක තරුණියක් වන අතර අනෙක් තරුණයා 23 හැවිරිදි පුද්ගලයෙක් වන බවයි වාර්තා වේ.


 මෙම සිදුවීම ඝාතනයක්ද නැතිනම් සියදිවි නසා ගනීමක්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

Post a Comment

0 Comments