දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ අර්ථසාධක අරමුදල ඇති මුදල් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනයේදී ලැබෙන පොලිය සියයට නවයක් තෙක් අඩු කිරීමට ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.
අදාළ තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් එමගින් ඉල්ලා තිබේ.
මෙම පෙත්සම් ගොනු කරන ලද්දේ ජාතික ජන බලවේගය නියෝජනය කරන චතුරංග අබේසිංහ හා නීතිඥ සුනිල් වටගල මහත්වරැන් විසිනි.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා, මහ බැංකු මූල්‍ය මණ්ඩලය සේවක භාරකාර අරමුදල අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන්ගේ කර සිටී.
0 Comments