පාන් ඇතුළු බේකරිවල නිපදවන කෙටි කැම වර්ගවල මිල කල යුතු බවට බේකරි සංගමය පැවසුවද එසේ ඔවුන් කියන කියන විදියට මිල අඩු කිරිමට තමන්ට නොහැකි බව නගරවල බේකරි හිමියන් කිප දෙනකුම පවසති.
පාන් රාත්තලක හා බේකරි නිස්පාදනය කරන කෙටි කැම මිල රුපියල් 10කින් අඩු කිරිමට පියවර ගත යුතු බව බේකරි හිමියන්ගේ සංගමය මගින් ප්‍රකාශ කලද මේ වන විටත් මෙම ප්‍රදේශවල සමහර බේකරි හිමියන් එසේ මිල අඩු නොකර පාන් ඇතුළු එම කෙටි කැම වර්ග විකිනිම සිදු කරන බවට කරන ලද චෝදනා පිලිබදව විමසන අවස්ථාවලදි බේකරි හිමියන් කිප දෙනකුම මෙසේ පවසන ලදි.
එම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ ගෑස් මිල අඩු වුවද දර මිල විදුලි බිල ආදිය ඉහල යාමත් සමග තමන් මේ වන විට ව්‍යාපාර කිරිමේදි දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවත් එම තත්වයන් මත තමන්ට මෙසේ මිල ගනන් අඩු කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.
මෙකි සමහර පිරිස් එසේ පැවසුවද මෙම ප්‍රදේශවල සමහර බේකරි හිමියන් පාන් මිල රුපියල් 10කින් අඩු කර පාරිභෝගිකයන්ට ලබා දිමටද පියවර ගෙන ඇත.
0 Comments