ට‍්‍රැක්ටරයක් ප‍්‍රපාතයට පෙරලේ.. රියදුරු මරුට…

 



දිඹුල පතන පොලිස් බල ප්‍රදේශයට අයත් මවුන්ට් වර්නන් වතුයායේ ටැක්ටැරය පෙරලිමෙන් එහි රියදුරු මිය ගොස් ඇති  බව දිඹුල පතන පොලිසියේ නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 28වන අද දින සවස් කාලයේදි මෙම ටැක්ටරය එම වතු මාර්ගයේ ධාවනය කරමින් තිබියදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමන ප්‍රපාතයකට පෙරලිමෙන් එහි රියදුරු වන අවුරුද් 60ක් පමන වයසැති එඩ්වඩ් නැමති අය බරපතල තුවාල ලැබු බවත්ය.

එම තුවාලකරු කොටගල ප්‍රාදේශීය රෝහලට ගෙන යාමෙන් අනතුරුව වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන යන විට එම පුද්ගලයා මිය ගොස් ඇති බවද එම නිලධාරියා පැවසිය.

මෙම අනතුර පිලිබදව දිඹුල පතව පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

Post a Comment

0 Comments