ඉන්දියන් බිත්තර ශීතකරණවල නැතොත් දින තුනයි..

 

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මේ වන විට සතොස ඇතුළු සුපිරි වෙළඳසැල් වලින් රුපියල් 35 ක මුදලකට ලබා ගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එම බිත්තර ශීතකරණ වලින් පිටතට ගෙන සාමාන්‍ය පරිසරයේ තබා ගත හැක්කේ දින තුනක කාලයක් පමණක් බවද සංස්ථාව පවසයි.

සෙන්ටිග්‍රේට් අංශක 2-5ත් අතර උෂ්ණත්වයක එම බිත්තර මාස තුනක කාලයක් තබා ගත හැකි අතර ඉන් පිටතට ගත හොත් දින තුනක කාලයක් ඇතුළත පරිභෝජනය කළ යුතු බවත් සංස්ථාව කියා සිටී.

Post a Comment

0 Comments