යාපනය මාණිප්පායි ප්‍රදේශයේ නැවත පදිංචි වූ වැසියෙකු විසින් සිය ඉඩම ඒලි පෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ ටී.56 ගිනි අවි සහ පතුරම් තොගයක් හමු ළුී ඇතැයි මාණිප්පායි පොලීසිය පවසයි.
අදාල ඉඩමේ හිමිකරු විසින් ගෙවත්තේ ඉදිකිරීමක් වෙනුවෙන් වලක් කැපූ අවස්ථාවේදී පොළව යට වලදමා තිබූ පෙහොර උරයක් මතු වී ඇති අතර ඒය පරික්ෂා කිරීමේදී ගිනි අවියක් මතුවීම හේතුවෙන් ඒ පිළිබදව පොලීිසියට දැනුම් දෙනු ලැබීය.
පොලීසිය අදාල ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂාවකින් පසුව ඒහි තිබී ටී.56 ගිනිඅවි 4 ක් , උණ්ඩ 09 ක් සහ ටී.56 මැගසින් 4 තිබී සොයාගනු ලැබීය.
කෙසේ වෙතත් අදාල ගිනිඅවි සොයාගන්නා අවස්ථාව වන විටත් දැඩි ලෙසින් දිරාපත්ව තිබූ අතරම යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් මෙලෙස වලදමන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.
සොයාගත් ගිනිඅවි තොගය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව විනාශ කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
0 Comments