පාළු නිවෙසක හමුදා ඇදුම්..

 



පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඌරගස්මංහන්දිය බෝගහවෙල පුදේශයේ පාළු නිවසක් අද (6) පරීක්ෂා කිරීමේදී යුද හමුදාව භාවිත කරන නිල ඇදුම් කට්ටල ඇතුලු උපාංග රැසක් සොයා ගෙන තිබේ.


යුධ හමුදා ඇඟලුම් කට්ටල 03 ක් යුද හමුදා සැහැල්ල නිල ඇදුම් කට්ටලයක් ( කමිසයක් ) පොලිස් විශේෂ කාර්යාංශය විසින් සොයා ගනු ලැබීය.


මේ දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පාතාල සම්බන්ධ ඝාතනයන් මර්ධනය කිරීම සදහා සෝදිසි මෙහෙයුම් දියත් කරන ලද හෙයින් යුධ හමුදා සෙබලුන් මෙන් වෙස් ගෙන යම් පාතාල ඝාතනයක් සිදු කරන්නට මේ යුධ හමුදා ඇදුම් ඇතුලු උපාංග පාලු නිවසේ සගවා තබන්නට ඇති බවට පොලීසිය සැකකරයි.


මේ වනවිට ඇල්පිටිය පොලිස් අධිකාරී බල ප්‍ර දේශයට අයත් මාර්ගයන්හි ගමන් ගන්නා කුමන තරාතිරමකවුවද සිවිල් වැසියන් හා රථ වාහන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් දිවා රෑ නොබලා පරීක්ෂා කිරීම සිදු කිරම නිසා මේ යුධ හමුදා නිල ඇදුම් කට්ටල සහ උපාංග පුයෝජනයට ගෙන සැලසුම් කළ පාතාල කියාකාරකම් මේ වැටලීම නිසා වළකින්නට ඇති බවට තමන් විශ්වාස කරන බව ද පොලීසිය කියයි

Post a Comment

0 Comments