ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්...

 



අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබේ.


ඒ අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් සමත්ව ඇත.


ඔහු හිමිකර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 883කි.


ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් පසුවෙයි.


මීට පෙර ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන රැඳී සිටි ජෝයි රූට් එම ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා පසුබැස තිබේ.


මේ අතර ටෙස්ට් පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ වෙනසක් සිදුව නොමැති අතර තවදුරටත් අශ්වින් එහි පෙරමුණේ පසුවෙයි.


කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් ප්‍රසාද ලකුණු 826ක් හිමිකරගනිමින් එහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

Post a Comment

0 Comments