ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 43කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
ඒ අනූව 2023 අළු බඳුන තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකිවුණි.
දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය.
එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 416ක් ලබාගත්තේය.
ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 325ක් පමණි.
ඉන් අනතුරුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 279ක් රැස්කළේය.
එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 327ක් පමණි.
0 Comments