බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සිදු කරන ලද වකුගඩු සැත්කමකින් පසු දරුවකු මිය ගොස් තිබේ.
වයස අවුරුදු තුනක් වූ මෙම පිරිමි දරුවාගේ අසාමාන්‍ය වකුගඩු පිහිටීමක් ශල්‍යකර්මයක් මගින් නිවැරදි කිරීමට ගිය අවස්ථාවේ මෙම අත්වැරදිම සිදුව ඇති බව එම රෝහල් සඳහන් කරයි.
දරුවාගේ එක් වකුගඩුවක තිබූ අසාමාන්‍ය පිහිටීමක් හේතුවෙන් එම වකුගඩුව ඉවත් කිරීමට මෙම සැත්කම සිදුකර ඇති අතර නමුත් වකුගඩු දෙකම එම සැත්කමක් මගින් ඉවත් වී තිබින.
කෙසේ වෙතත් රෝහල සඳහන් කරන්නේ වකුගඩු දෙකම එකට බද්ධව පිහිටීම නිසා මෙම අත්වැරදීම සිදුව ඇති බවයි.
මේ වන විට සැත්කම සිදුකරන ලද වෛද්‍යවරයා සිය දරු පවුල පිටින්ම විදේශයක පදිංචියට ගොස් ඇති අතර නමුත් එම රෝහලේ ඔහුගේ විෂය ආවරණය කිරීම සඳහා වෙනත් වෛද්‍යවරයෙක් රාජකාරියේ නිරතව සිටින බව ද රෝහල් කියා සිටියි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
0 Comments