ගැබිනි මව්වරුට කුණු ට්‍රැක්ටරයේන් අරන් ඇවිත් ත්‍රිපෝෂ බෙදලා...

 

ගැබිනි මව්වරුට සහ අඩුබර සහිත මන්දපෝෂණ දරුවන්ට නොමිලයේ ලබා දෙන ත්‍රිපෝෂ බල ප්‍රදේශයේ බෙදා හැරීම සඳහා වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් කැළිකසළ ප්‍රවාහනය කරනු ලබන ට්‍රැක්ටරයක් යොදාගෙන තිබූ බවට ජනතාව පවසයි 


විවිධ ධාන්‍ය කොටස් යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ත්‍රිපෝෂ අධි පෝෂණය සහිත ආහාරයක් ලෙස සැලකේ 

එය රජය මඟින් නිෂ්පාදනය කොට ගැබිනි මවුවරුන්ට සහ අඩු බර සහිත මන්ද පෝෂණ ඌනතා ඇති දරුවන්ට සෞඛ්‍ය අංශ මගින් නොමිලේ ලබාදීමට කටයුතු කෙරේ.


එයද රටෙි පවතින ආර්ථික අර්බුදකාරි තත්වය සමග නිසි පරිදි නොලැබෙන බවද ජනතාව කියයි.


මෙහිදී නිෂ්පාදනයේ සිට අදාල පුද්ගලයා වෙත ලබාදීම දක්වා එම කටයුතු ඉතාමත් පිරිසිදුව සහ ඉතාමත් වගකීමෙන් සිදුකෙරේ .


එ අනුව මාස කිහිපයකට පසුව නැවතත් අදාල පිරිස වෙත ලබාදීම සදහා අවශ්‍ය  ත්‍රිපෝෂ තොග මෙම දිනවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත ලැබෙමින් පවතී. 


එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් බල ප්‍රදේශයට අයත් පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාල වෙත ලබාදීමෙ කටයුතු  ලහි ලහියේ සිදු කෙරේ  

මෙහිදී   ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතු ඉතාමත් පිරිසුදුව සහ වගකීමක් සහිත කල යුතු වුවත්  වැලිගම ප්‍රාදේශීය සභාවට අයත් කැලි කසල ප්‍රවාහනය කරනු ලබන ට්‍රැක්ටරයක් ද වගකිවයුතු පිරිස ලෙස බහු කාර්ය සංවර්ධන අංශයේ සේවකයන් පිරිසක්  යොදාගෙන තිබූ බවට තොරතුරු  සදහන් විය.


මෙ සම්බන්ධයෙන් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තේජා ජයසේකර මහතාගෙන් කල විමසීමකදී මෙසෙ පැවසූහ .


අපිට සමිපත් සීමිතයි තෙල් අර්බුදයක් තියෙනවා , තෙල්  කෝටාව එන්නේ අඩුවෙන් ,අපිට ලොකු වාහනයක්  ඇත්තෙත් නෑ, සල්ලි වලට ගන්න විදියකුත් නෑ, මට ඉල්ලන්න තියෙන්නේ නගර සභාවෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් විතරයි එ අනුව අපිට ප්‍රාදේශීය සභාවෙන් ලැබුනේ අලුත්ම ට්‍රැක්ටරයක් එච්චර කියන්න තියෙන්නේ යැයි හෙතෙම පැවසීය.

Post a Comment

0 Comments