යාපනය, පලෙයි මූල්ලෙයිඅඩි ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් 13 හැවිරිදි පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසයි.
ඒ්-9 මාර්ගයේ මූලයඩි ප්‍රදේශයේ කැබ් රථයක් පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් පාපැදියේ ගමන්ගත් 13 හැවිරිදි පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
පලෙයි මුල්ලෙයිඅඩි ප්‍රදේශයේ පදිංචි රාජපාස්කරන් යකුසිකන් නමැති සිසු දරුවා එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසූහ.
අනතුරින් පසුව කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් පියවර ගෙන ඇති අතරම මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන පලෙියි පොලීසය වැඩිදුරටත් පැවසීය.
0 Comments