ලංකාවේ භූකම්පන සිදු විය හැකි ප‍්‍රදේශ හදුනාගනී…

 

ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කලාප කීපයක් හඳුනාගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.

නමුත් එසේ සිදුවිය හැකි කම්පන වලින් හානියක් සිදු නොවනු ඇති බවද හෙතෙම පැවසීය.

ත්‍රිකුණාමලයේ සිට උස්සංගොඩ දක්වා වූ අක්‍රීය භූ තල මායිම, මධ්‍ය කඳුකරය ආශ්‍රිතව ඇති ජලාශ ආශ‍්‍රිත ප්‍රදේශ වැනි ප්‍රදේශ එසේ හඳුනාගෙන ඇතැයි ද ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාවට සුනාමි අනතුරක් ඇතිවන්නේ නම් සුමාත්‍රා කෙළවරේ ඇතිවන භූ කම්පනයකින් එසේ විය හැකි බවද හෙතෙම පැවසීය.

නමුත් එවැනි තත්ත්වයක් මෑතකදී ඇතිවීමේ සම්භාවිතාව අඩු බවද හෙතෙහ තව දුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments