ප්‍රකට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට එරෙහි පානදුර ප්‍රදේශයේ ආපනශාලාවක සේවකයන් පිරිසක් පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ ඔහු එම ආපන ශාලාවට පැමිණ එහි බිල්පත නොපියවා තමන්ට පහර දී ආපනශාලාවට හානිකර පිටව ගිය බවට සඳහන් කරමිනි.
රුපියල් 1650ක් පමණ වූ ආහාර බිලක් නොගෙවා ආපනශාලාවේ සේවකයන්ට ද පහර දී එහි භාණ්ඩ වලටද හානි කළේ යැයි පැමිණෙන්නේ දැක්වෙයි.
රටම ලෝකෙම දන්න ගායකයෙක් වන තමන් අඳුරන්නෙ නැද්දැයි ආපනශාලාවේ සේවකයෙකුගෙන් කළ විමසීමට සේවකයා ‘මතකයක් නැතැයි’ පැවසීම මත මෙම ගැටුම ආරම්භ වී තිබේ.
0 Comments