උද්දමනය පහලටම.. එංගලන්තට, යුරෝපා සංගමයටත් වඩා අඩුවේ.. වාර්තාව මෙන්න..

 

අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 ජූලි මාසය සදහා 6.3 %ක් දක්වා පහත වැටී ඇත. එය 2023 ජුනි මාසය සඳහා 12.0 % ලෙස වාර්තා වී තිබුණි.

2023 ජූලි මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -1.4% දක්වා පහත වැටී ඇති අතර 2023 ජුනි මාසයේ දී එය වාර්තා වුයේ 4.1 %ක් ලෙසයි.

එමෙන්ම, ජූලි මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 10.5 % ක් දක්වා පහත වැටී ඇති අතර එය 2023 ජුනි මාසයේ දී 16.2 % ලෙස වාර්තා විය.

ලෝකයේ උද්දමන දත්ත මෙතනින්…


Post a Comment

0 Comments