IMF යුක්රේනයට ඩොලර් බිලියන 14ක් දුන්නා… අපට එහෙම බැරිවුනේ නොහැකියාවෙන්…

 



ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 14ක ආධාරයක් ලබා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නමුත් ශ්‍රී ලංකාවට අවුරුදු හතරටම ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 ක් වැනි කුඩා මුදලක් බව ද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවේ නායකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වඩා හොඳ සාකච්ඡාවක් කර විශාල සහනයක් ලබා ගැනීමට නොහැකි වූයේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදයේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

එවන් හොඳ සාකච්ඡාවක් ලබා ගත්තේ නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අතහැර මෙතරම් කොන්දේසි පටවා ජනතාව පීඩාවට පත් නොකර ඉදිරියට යා හැකිව තිබූ බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.

Post a Comment

0 Comments