‘මේ පාර මෝල්ටාවට’ කුට්ටිගෙන් බිලියන 10ක් අනුර ඉල්ලයි..

 

ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා වෙත රුපියල් බිලියන 10 බැගින් අපහාස වන්දි මුදලක් ගෙවන ලෙස නීතීඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට දැනුම් දී තිබේ.

දින 14 ඇතුලත එසේ නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවත් එම ලිපියේ දැක්වෙයි.

අනුර දිසානායක මහතා විසින් මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඔවුන් විසින් පසුගියදා ජන හමුවක දී සිදු කරන ලද ප්‍රකාශය පදනම් කරගනිමින් මෙම අපහාස වන්දි මුදල ඉල්ලා ඇත.

Post a Comment

0 Comments