උඩවලව 1.8%ට බහී.. ජලය තව පැය 48කටයි..

 

‘වසර 20කට පසු උඩවලව ජලාශය මේ වන විට සියයට එකයි දශම අටක් 1.8% පමණක් ජලය ඇති බවත්  එය ජලය පීඩනය සම්පූර්ණයෙන් අඩුවන මට්ටමට ආසන්න මට්ටමක් බවත් එහි පරිමාව අක්කර අඩි 3511 තව දින දෙකක් යන විට මහුදු මට්ටමේ සිට මීටර් 75.5 තමයි රැදිල තියෙන්නේ  තව දින දෙකයි වතුර මුදාහරින්න පුලුවන් ඉන්පසු මුහුදු මට්ටමේ සිට මීටර්  74.98 මට්ටමට මෙම කාලගුණය අනුව තිබුනොත්  අවම මෙහෙයුම් මට්ටමට පත්වෙනවා’ යයි  ජලාශ හා කාර්යයභාර උඩවලව උමාඔය ඉන්ජිනේරු සුජීව ගුණසේකර මහතා පවසයි.

ඒ අවස්ථාවේදී පීඩනයකින් යුතුව ජලය මුදා හරින්න බැහැ ඒ බැවින් ඊට පසු අපහසුතාවට පත්වේවි.

මේ හේතුවෙන් පානීහ ජල අර්බුදයක් ඇතිවීමට හැකියාවක් පවතිනවා. මේ වන විට උඩවලව ජලාශයෙන් පෝෂණය වන චන්ද්‍රිකා වැවේද ජල මට්ටම අඩුවෙලා.මේ නිසා උඩවලව වනෝද්‍යානයේද සතුන්ට පානීය ජල අර්බුදයක් මතුවෙලා. සෑම දෙනාගෙන්ම ඉල්ලන්නේ තියෙන වතුර ටික ඉතාමත් අරපරිස්සමෙන් පාවිච්චි කරන්න.

අපිට කියන්‍න තියෙන්නේ ඉක්මනින් වැස්ස ලැබිල මේ තත්වය සමනය කරන්න කියල පමණයි.

Post a Comment

0 Comments