නාසා ආයතනය ලබා දුන් වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවිය සමග තිබූ සම්බන්ධය තාවකාලිකව බිඳ වැටී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවියට කිලෝ මීටර් බිලියන 19.9 දුරින් ස්ථානගත වී ඇති බවයි.
මිනිසා ඈත විශ්වය වෙත දෙවැනි ස්ථානයට වැඩිම දුරක් යවා ඇති වස්තුව වොයේජර් 2 අභ්‍යවකාශ යානය වේ.
එම ලබා දුන් වැරදි විධානයන් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානයේ ඇන්ටනාව අංශක දෙකකකින් පෘතුවියෙන් ඉවතට හැරීයාම නිසා වොයේජර් 2 යානය සහ පෘතුවිය අතර තිබූ සබඳතාවය තාවකාලිකව බිඳ වැටි තිබේ.
0 Comments