සිනමාවක මෙන් මාස 4 බිළිඳාගේ ගෙලට පිහිය තියා ප්‍රාණ ඇපයට ගෙන රත්තරන් කොල්ලකයි…

 



යාපනය මාණිප්පායි පොලිස් වසමට අයත් සන්දිලිප්පායි ප්‍රදේශයේදී නිවසකට ඇතුලු වූ කොල්ල කල්ලියක් විසින් කුඩා දරුවෙකු ප්‍රාණ ඇපයට තබා රණ්භාණ්ඩා කොල්ල කා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

කොල්ලකෑම සිදු වූ නිවසේ නිවැසියන් පවසා සිටියේ සිනමා පටයක ආකාරයට සිය නිවසට ඇතුලු වූ කොල්ල කරුවන් විසින් නිවසට ඇතුලු වී තමන්ට පහරදී සිය මාස 4 ක් වයසැති බිළිඳා බලහත්කාරයෙන් රැගෙන මෙම කොල්ල කෑම සිදුකල බවටය.

එහිදී කොල්ල කරුවෙකු විසින් බිළිඳාගේ ගෙලට පිහියක් තබා නිවසේ තිබෙන සියලු මුදල් හා රණ්භාණ්ඩ රැගෙන එන ලෙසට අනකල සිටි බවත් එහිදී නිවැසියන් විසින් සියලු රණ්භාණ්ඩ සහ මුදල් ලබා දී ඇත.

මුදලින් රුපියල් ලක්ෂ 2 ක් පමණ, රණ් පවුම් 12 කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකතන සහ නිවසේ නවතා තිබූ යතුරුපැදියක්ද රැගෙන කොල්ල කරුවන් මෙහිදී පලා ගොස් ඇත.

කොල්ල කරුවන් පලායන අවස්ථාවේදී ඔවුන් එතෙක් වේලා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි බිළිඳා නැවත ලබාදී නිවැසියන්ට තර්ජනය කරමින් පවසා ඇත්තේ පොලීසියට දැනුම් දෙන්නේ නම් නැවත අනිසි විපාක වලට මුහුණ දීමට ඉදිරියේදී සිදුවන බවටය.

කෙසේ වෙතත් කොල්ල කරුවන් පිරිස පලාගිය පසු නිවැසියන් විසින් මාණිප්පායි පොලීසියට මේ බව දැනුම් දී ඇති අතර මෙතෙක් අදාල සිද්දියට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

Post a Comment

0 Comments