කොළඹ සිට හැටන් හරහා නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් අද 01වන දින උදැසන 5.15 පමන වටවල සිංහල විදුහල අසලදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එහි ගමන් ගත් මගින් 12 දෙනකු තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර ඇති බව වටවල පොලිසියේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය ඩිපෝවට අයත් මෙම බස් රථය 31වන දින මධ්‍යම රාත්‍රි 12.30ට පමන කොලඹින් ගමන් ආරම්භ කර හැටන් හරහා නුවරඑළිය දක්වා ධාවනය කරමින් කිබියදි මෙසේ අනතුරට ලක්ව ඇති බවත් මෙම අනතුර පිලිබදව වටවල පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවත්ය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ මෙම බස් රථ අනතුරින් තුවාල ලැබු 12 දෙනකු වටවල රෝහලට ඇතුලත් කල බවත් එයින් හතර දෙනකුගේ තත්වයන් බරපතල බැවින් එම රෝගින් හතර දෙනා වැඩි දුර ප්‍රථිකාර සදහා නාවලපිටිය මුලීක රෝහලට මාරුකර යැවිමට පියවර ගත් බවත්ය.
0 Comments