යාපනය මාණිප්පායි පොලිස් වසමේදී දකුණු ප්‍රදේශයට නීතිවිරෝධී අයුරින් කැස්බෑවුන් සිව් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු (31) අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
මාණිප්පායි පොලීසියට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මාණිප්පායි ප්‍රධාන මාර්ගයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදී සිදුකරන ලද සෝදිසි වැටලීමකදී සැකසහිත කුඩා ලොරි රථයක් නවතා සිදුකරන ලද පරික්ෂා කිරීමකදී මෙම කැස්බෑවුන් සිව්දෙනා හමු වී ඇත.
එහිදී කුඩා ලොරි රථය සමගින් එහි සිටි රියදුරු සමග තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගනු ලැබීය.
එහිදී කැස්බෑවුන් ගෝණියකට දමා ගැටගසා තිබූ අතරම මෙම කැස්බෑවුන් කොළඹ ප්‍රදේශයේ තරු පන්තියේ හෝටල් සඳහා මස් පිණිස අධික මිලකට විකිණීමට රැගෙන යමින් තිබූ බවට තොරතුරු අනාවරනය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකු සහ යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔවුන් යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් පැවසීය
0 Comments