‘අගමැතිකම බාර ගන්න රුසියාවෙන් තෙල් ගෙනත් දෙන්න පුළුවන්ද..’ අනුර, උදංගගෙන් අහයි…

 

පසුගිය වසරේ මෙරට ඇතිවූ අරගල කාලසීමාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා ගිය විට හෝටල් ගාස්තු ගෙවා දැම්මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

එම හෝටල් ගාස්තු ගෙවා දමන්නැයි ලංසාට දැනුම් දී තිබුණේ රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා බවද හෙතෙම කියා සිටී.

නිමල් ලංසා හා ප්‍රසන්න රණතුංග යනු බැසිල් රාජපක්ෂ මහතාගේ හොඳම හිතුවතුන් බවත් ඔවුන් දැනුත් කටයුතු කරන්නේ බැසිල් රාජපක්ෂ විසින් ලබාදෙන උපදෙස් අනුව බවත් හෙතෙම පවසයි.

ඔහු මේ අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය රනිල් මහතාට නොදෙන බවත් එය දැනටමත් තීරණය කර අවසන් බවත් ඔහු සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂලාට එළව එළවා ගහපු කෙනෙක් බවත් එය නොදන්නවා වාගේ ඔහු ජනාධිපති කිරීමට කටයුතු කළේ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසින් බවද හෙතෙම චෝදනා කරයි.

රටේ අග‍්‍රාමාත්‍යවරයෙකු නැතිවෙලාවේ ගෝඨාභය රාජපක්ෂ විසින් අනුර දිසානායකට අගමැතිකමට කතා කළ බවත් ඒ වෙලාවේ රුසියාවෙන් තෙල් ගෙනැවිත් දෙන්න පුළුවන්දැයි අනුර දිසානායක තමන්ගෙන් ඇසූ බවත් හෙතෙම හෙළි කළේය.

අනුර කුමාර දිසානායකගේ පක්ෂයට අදත් වැඩියෙන්ම සල්ලි දෙන්නේ ධම්මික පෙරේරා විසින් බවද ඔහු එහිදී කියා සිටී.

Post a Comment

0 Comments