විපක්ෂය බලය ඉල්ලන්නේ කුමකටද? ඒක ජනතාවට කිව යුතුයි!

 


රනිල්,රාජපක්ෂ ආණ්ඩුව එළඹෙන පළමු අවස්ථාවේදීම පරාජය කළ යුතුයි.ඒ පිළිබඳ විවාදයක් නෑ.

හේතුව රනිල් විධායක බලය පාවිච්චි කරමින් ගෙන යන අධිකාරීවාදි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය නිසා.

ආර්ථික වෘද්ධිය ලඟා කරගැනීම එකම දර්ශනය බව පවසා ව්‍යවස්ථාදායකය හා අධිකරණයේ ස්වාධීනත්වය විධායකයේ බලයට යටත් කරමින් සිටී.

මැතිවරණ කල්දමමින් සිටී.ආර්ථික වෘද්ධියට මානව අයිතීන්ද,වෘත්තීය අයිතිවාසිකම්ද, අධ්‍යාපන ,සෞඛ්‍ය අයිතීන්ද යටත්ය. ඒ නිසා

රනිල්ගේ මෙම අධිකාරීවාදී ව්‍යාපෘතිය පරාජය කර ,ව්‍යවස්දායකයට වාසි වන ආණ්ඩුක්‍රමයක් හැදිය යුතුමය.

ඒ අනුව ඊලඟ බලපෙරලියෙන් පසුව රටේ තීරණාත්මක වෙනසක් ඇතිවිය යුතුය යන්න ජනතාවගේ ප්‍රාර්ථනාවය.විපක්ෂයේ අනුගාමිකයන්ට මේවා වැඩක් නැත.ඔවුන්ට අවශ්‍ය තම පක්ෂයට බලය පමණි.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ දේශයක් පතන පොදු ජනතාව ජනාධිපතික්‍රමය අහෝසිකරන,මානව ගරුත්වය රකින නව ව්‍යවස්ථාවක් ,.මිශ්‍ර චන්ද ක්‍රමයක්, දේශීය ආර්ථිකයක් අපේක්ෂා කරයි.

අනාගතයේ බලය ගන්න ඉන්න විපක්ෂය ඒ සඳහා කල්පනා කර තිබෙන ව්‍යුහය කුමක්ද යන්න රටට  හෙළික.ල යුතුය.

අද විපක්ෂය ලෙස පෙනී සිටින සජබ , මාලිමාව,උත්තර ලංකා,නිදහස ජ. ස.භාව මේවාට පිළිතුරු දිය යුතුය.

ලන්සා,අනුර යාපා, විපක්ෂයේ සිටින ඔත්තුකරුවන් බව තහවුරුවී ඇත.සිරිසේන ගෙ මන්ත්‍රීවරු රනිල්⁣ෙ

ග ඇමතිවරුය.

ඒ අනුව විපක්ෂය බලය ඉල්ලන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති ඉවර කරන්නද?

යන්න රටට හෙළිකළ යුතුය.

ජනතාව සීරුවෙන්....

Post a Comment

0 Comments