තඹුත්තේගම ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පවසන්නේ කුරුණෑගල සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ධාවනය වෙමින් තිබියදී මාර්ගය අයිනේ නැවතීම සූදානම් වූ ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් වෑන් රථයේ සිටි පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් සිව් දෙනෙකු මිය ගොස් ඇත.
වෑන් රථයේ අධික වේගය සහ අපරික්ෂාකාරී රිය පැදවීම අනතුරට හේතුවී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
0 Comments