ජාතික ගීය විකෘති කළ බවට චෝදනා එල්ල වී තිබෙන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ අද දිනයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එහි දී කටයුතු කිරීමට නියමිතය.
ඊට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩල ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙකු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් වරයෙකු විසින් මෙම විමර්ශන සිදුකිරීමට නියමිතව ඇත.
ඇය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති ද යන්න සොයා බැලීමට නියමිතව ඇති අතර එම මූලික විමර්ශනයෙන් පසුව අදාළ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා නීතිපතිවරයා වෙත නීති උපදෙස් ලබා ගැනීමට භාරදීම නියමිතව තිබේ.
0 Comments