අද කිහිප දෙනෙක් රැස්වී උද්ඝෝෂණයක් හෝ පෙළපාලියක් පැවැත්වීමට බැරි වාතාවරණයක් උද්ගතවී තිබේ.ඒ එකපාරටම පොලීසිය කඩාවැදී 1864 පොළිස් ආඟ්‍රපනත අනුව පෙළපාලියක් යන්නේ නම් පැය 6 කට කළින් අදාල ප්‍රදේශයේ ස්ථානාධිපතිට දැනුම් දිය යුතු බවට පැවසීම නිසාය.
මෙය බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.
ඊයේ මෙලෙස යුධ හමුදාවේ සෙබළකු නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති කාර්යාලයට ලිපියක් භාරදීමට පැමිණි කිහිප දෙනෙකුට බාධා කරමින් පොලීසිය පැවසුවේ පැය 6 කට කලින් දැනුම් නොදීම ආඟ්‍රාපනතේ වගන්තිය උල්ලංඝණය කිරීමක් බවයි.එවිට එතන සිටි අයකු පැවසුවේ මහත්තයෝ ඔය වගන්තිය ඉංග්‍රීසින් විසින් දමා ඇත්තේ පැය 6කට කලින් දැනුම් දී පෙළපාලි යාමට අවසරදීමට නොව ,පෙළපාලියාමට පෙර එහි සංවිධායකයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සඳහා බවයි.ඒ නිසා ගොන්පාට් නොදා මොවුන්ට යාමට ඉඩදෙන ලෙස ඔහු පැවසීය.
පොලීසිය කලින් කළේ පෙළපාලි යාමේදී මහජන පීඩාවක් ඇතිවන බවපවසා ,ගරු අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලීමයි.එහෙත් අධිකරණය දිගටම පොලීසියේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා අධිකරණය මගහැර මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගණය කරමින් මෙම යල් පැන ගිය වගන්තිය පෙන්වමින් විකට රංගනයක යෙදෙන බව නීති විශාරදයෝ පවසති...

0 Comments