විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,වෛද්‍යවරුන් හා අනෙකුත් වෘත්තිකයන් රට හැර යන්නේ ඔවුන්ගේ වැටුපෙන් අයකරගන්නා අධික බදු පුමාණය නිසාත්,සීඝ්‍රයෙන් ඉහල යන ජීවන වියදමට මුහුණදීමට නොහැකිවීම නිසා බවත්, පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

                 ඔහු වැඩිදුරටත් පැවසුවේ වෘත්තිකයන්ගෙන් අයකරගන්නා බදුවලින් වාර්ෂිකව ආණ්ඩුවට ලබාගත හැක්කේ රුපියල් බිලියන 40-50 පමණ වුවත්,සුපිරි ධනවතුන්ගෙන් වාර්ෂිකව ලැබිය යුතු රුපියල් බිලියන 572 ක බදු මුදල්  ලබා ගැනීම සඳහා ආණ්ඩුව කිසිම පියවරක් නොගන්නා බවයි.