නියගයෙන් හානි වූ ගොවියන්ට සහන අරන් දෙනවා…

 

නියගය නිසා වගා හානිවූ ගොවියන්ට සහනලබාදීමට තමන් මැදිහත්වන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ පොදුජන පෙරමුණේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

අපි ඕනෙම අවස්ථාවක ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා.අපිට හැකි පමණින් මේ ආණ්ඩුවට තියෙන වරප්‍රසාද ටික ගම්වලට අරගෙන එනවා.

පසුගිය කාලෙ අස්වැසුම ගැන ප්‍රශ්නයක් ආවා.අප මන්ත්‍රී කණ්ඩායම ඒ ප්‍රශ්නෙට මැදිහත් උනා.

අද නැවත වතාවක් එය සමාලෝචනය කිරීමට කටයුතු කරනවා.අපි බලාගෙන ඉන්නවා පක්ෂයක් විදිහට එයඒ ආකාරයෙන් සිද්ධ වෙනවද නැද්ද කියන කාරණය.

වී මිලදී ගැනීම ආරම්භ වෙලා තිබුනත් ලැබෙන මිල ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මන්ත්‍රීවරු කණ්ඩායම් රැස්වීමේදී ඒ ගැනත් කතා කලා වී මිල ගැන.

නියං තියෙන පලාත් තියෙනවා ඒ පළාත්වල වතුර ලබාදීම පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා එහෙමනම් වගා හානියක් වෙනවනම් නියගයක් නිසා ගොවියන්ට දෙන සාධාරණය මොකක්ක්ද කියන එකට ආණ්ඩුවේ අවධානය යොමුකලයුතුයි.

නියගය නිසා වගා හානිවෙන ගොවියන්ට ලබාදීමට හැකි සහන පිලිබදව අපි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතා කරනවා.ඒ පිලිබදව අපි මැදිහත් වෙනවා කියන එකත් මතක් කරන්න කැමතියි’


Post a Comment

0 Comments