බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වය මත ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස යමින් පවතී.
මෙම නියග තත්වය දිගටම පැවතුනහොත් ප්‍රමාණත් විදුලිය නිපදවා ගැනීමට නොහැකි වීමෙන් විදුලිය විසන්ධි කිරීමට සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කියා සිටිති.
බොහෝ ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යාමෙන් පවතින නිසා ජලාශවලට සහ බෝග වගාවන්ට ජලය සැපයීම බරපතළ තත්ත්වයට පැමිණෙමින් ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.
පවතින දැඩි නියගය මත මහවැලි ජල මට්ටම සියයට 50 සීමාවට පැමිණ තිබේ.
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම අඩුවීම හේතුවෙන් එහි ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් අඩාළ වී ඇත.
මේ වන විට එම ජලාශයේ ජල මට්ටම 35% දක්වා පහත බැස ඇති නිසා ජල විදුලි නිපදීම විශාල වශයෙන් සීමා කර ඇත. කාර්යබහුල වේලාවන්හිදී පමණක් රාත්‍රී කාලයේ ගිගාවොට් පැයක පමණ විදුලි බලයක් එම බලාගාරයෙන් නිෂ්පාදනය කරමින් සිටී.
0 Comments