දේශපාලන විද්‍යාවට අනුව පොහොට්ටුව යනු ශ්‍රී.ල.නි පක්ෂයෙන් කැඩී අටවාගත් තාවකාලික කුඩාරමක් බවත්,එහි නායකත්වය මේ වනවිට දක්ෂිණාංශික නායකයන් විසින් අත්පත් කරගෙන ඇති බවත්, පොහොට්ටුව නුදුරේදීම එහි ස්වභාවික මරණයට මුහුණදෙන බවත් පරිනත දේශපාලන නායකයකු Lanka L News වෙත පැවසීය.
දැනට ආසන සමුළු නමින් පවත්වන ඒවා රාජ්‍ය බලය යොදාගෙන ,පවත්වන ඒවා බවත්,ඒවාට පැමිණෙන සීමිත පිරිස ආණ්ඩුවෙන් කුමන හෝ ප්‍රතිලාභයක් බලාගෙන එන පිරිසක් බවත්, ආණ්ඩුව විසුරුවා හැරිදාට මොවුන්ද පොහොට්ටුවට අහිමි වන බවත් ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පොහොට්ටුවේ සිටි විශාල පිරිසක් පොහොට්ටුවෙන් වෙන්ව මේ වනවිට විකල්පව කුමක් කරන්නේද යන දෙගිඩියාවෙන් සිටින බවත්,
තව විශාල පිරිසක් පොහොට්ටුවෙන් කැඩී වෙන්වී දැනටමත් වෙනම පෙරමුණු කීපයකම සංවිධානගත වී ඇති බවත්,තවත් පිරිසක් මාලිමාව දෙසට ආකර්ශනීයවී ඇති බවත්,තව කොටසක් තීරණයක් නොගෙන තීරණාත්මක අවස්ථාවකදී බලයට පැමිණෙන වාමාංශික දහරාවකට චන්දය දීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්,ඒ අනුව තව දුරටත් බැසිල්ලව,නාමල්ලව කරේ තියාගෙන යාමට ඒ කිසිම කංඩායමක් ඉදිරිපත් නොවන බවත් එම වාමාංශික නායකයා තව දුරටත් පැවසීය.
ගම්වල ජනයා පවසන්නේ 69 ලක්ෂයක් චන්දය දීලත් අවු 2ක් වත් රට පාලනය කරගන්න බැරි වූ පාලකයන්ට නැවත දුන්නත් පලක් නැති බවය.
එසේම ස.ජ.බ විශාල පිරිසක් රනිල්ට එකතුවන බවත්, ඒ අනුව සජිත්ද රනිල් ගාවට දනගෑම වලක්වනු බැරි බවත්ය.
0 Comments