මේ රට පාලනය කරන හා පාලනය කළ ජාවාරම්කාර දේශපාලකයන් විසින් නිර්මාණය කළ ආර්ථික පීඩනයේ බරත්, නියඟය විසින් ඇතිකර ඇති විනාශයේ බරත් හේතුවෙන් මුළු රටේම ජනතාව දැවී හළුවී යන්නට පටන් ගෙන ඇත.
මේ විපත් දෙකේම බර දැරීමට සිදුවී ඇත්තේ මේ රටේ අඩු ආදායම් හා පහළ මැද ආදායම් ලබන 70%ක් පමන වන ජනතාවටය.
එාහත් ආණ්ඩුව ඔවුන් ඉලක්ක කරගෙන වන්දි හෝ සහණ සපයනවා වෙනුවට කරන්නේ ජනතාවට තව තවත් බදුබර පැටවීමය.
ධනය ඇති සමාජයට නියඟය හෝ ආර්ථික අමාරුකම් ප්‍රශ්න නෙමේ.පිටරටින් හෝ අවශ්‍ය භාණ්ඩ හෝ වතුර ආනයනය කර තම දරුපවුල් සංසිඳුවා ගන්නවාට කිසිදු සැකයක් නැත.
සාහසිකම කරුණ වන්නේ හිටි හැටියේම ජල හා විදුලි ගාස්තු ඉහළ දමා වහාම ක්‍රියාත්මක වන පරිදි බිල්පත් නොගෙවන පාරිභොගිකයන්ගේ සැපයුම අත්හිටුවීමට ආණ්ඩුව කටයුතු කිරීමය.නැවත සංධි කිරීමට දහස් ගණන් අයකිරීම දුප්පත් ජනයා තවත් කබලෙන් ලිපට දැමීමකි.එසේම මෙම බිල්පත් ගෙවන්නේ තම කණකර උගසට තබා බව මෙම පාලකයෝ නොදනිති.එසේ දන්නේ නම් සැපයුම විසන්ධි කිරීමේ නියෝග තාවකාලිකව අත්හිටුවීමට නියෝග කිරීම කළ යුතුව තිබුණි.ඒ තරමටවත් මේ පාලකයෝ සංවේදී නැත.
මිනිසුන් පිපාසයෙන් පෙළෙන කාලයක ජලයට ගාස්තු වැඩි කිරීම මොනතරම් අමානුෂිකද?
එය කෙසේනම් යුක්ති සහගත කරන්නේද?
දිස්ත්‍රික්ක 19 කට නියඟයේ බලපෑම පවතී.කෘෂිකාර්මික කටයුතු විනාශය.
වී,එළවළු,මිරිස්,බී ලුණු,තේ වගාව වැනසී යන ආකාරය බලා ගොවීන් සුසුම් හෙළති.ඉවසාගත නොහැකි ගොවීන් වගාවට ගිණි තියති.ඇමතියා ඔවුන්ට වන්දි නොදෙන බව පවසා තරවටු කරයි.කුඩා තේ වතු හිමියා අනාතය.
මේ අතර බඩු මිළ අහස උසට නැග ඇත.ආණ්ඩුව කම්කරුවාගේ EPF,ETF අරමුදලට කෙළීමට සැරසේ.ධනපතියන්ට සහනය,උපයන විට බද්ද නිසා වියතුන් රට හැර යති.
ජාවාරම් කාර දේශපාලුවෝ පස්,වැලි,ගස් ජාවාරමේය.
සියලු බර පොදුජනතාවගේ හිසමතටය.
මේ තත්වය තුල නැගී එන ජනතාවගේ කෝපයේ හා වේදනාවේ ගිනිදළු හැම පැත්තෙන්ම මතුවෙමින් පෙනේ.
Lanka L News කොළඹ වාර්ථාකරු.....
0 Comments